සාරය: සුමිහිරි
දරුවනි, චක්‍ර භාගයක්
පුරා ඔබ භෞතික වන්දනා ගමන් යමින් සිටියා. දැන් ආධ්‍යාත්මික වන්දනා ගමන්වල යන්න.
ගෙදර සිටියදීම ස්මරණයෙහි යෙදීම පුදුම සහගත වන්දනා ගමනකි.
ප්‍රශ්නය: පියාව
මහත් පුදුමයට පත්කරවන්නේ දරුවන් පිළිබඳ වු කුමන කරුණද?
පිළිතුර: කල්ප
භාගයක් තිස්සේ ඔබ මෙම දේපළ ලබාගැනීමට අතන මෙතන ඇවිදිමින් සිටියා. ඒ වගේම මෙසේ
කියමින් ඔබ ඒ එකම එක තැනැත්තාට කන්නලව් කරමින් සිටියා, ඔබ පැමිණි කල
අප ඔබටම අයත්වන්නම්. දැන් ඔහු පැමිණ සිටිනා අතර ඔබ අයිතිවන්නේ ඔහුටයි. නමුත් ඔබ
ඔහුව අතහැරදමාත් යනවා. එමනිසා, පියා මේ ගැන පුදුම වනවා: මෙසේ ඉදිරියට යන අතර, උසස් තත්ත්වයට
පත්වනවා වෙනුවට සමහර දරුවන් වැටෙනවා.
ප්‍රශ්නය: පියාගෙන්
ඉතාමත් හොඳ දාන ලබන්නේ කුමන දරුවන්ද?
පිළිතුර: පියා
විසින් නිර්මාණය කරනා ලද යග්‍යාව ඉතාමත් හොඳින් රැකබලා ගන්නා, නිරන්තරයෙන්ම
ශ්‍රීමත් අනුගමනය කරනා දරුවන් පියාගෙන් උසස් තත්ත්වයක් හිමිකර ගන්නවා.
ගීතය: උපගේ වන්දනා
ගමන අසහායයි...
ඕම් ශාන්ති. ආධ්‍යාත්මික වන්දනාකරුවන්ට ගීතය ඇසුනා.
දරුවන් වන ඔබ ආධ්‍යාත්මික වන්දනාකරුවන්. වන්දනා ගමන් යන ඒ මිනිසුන්ව හඳුන්වන්නේ
භෞතික වන්දනාකරුවන් ලෙසයි. ඒ භෞතික වන්දනා ගමන් කල්ප භාගයක් පුරා පැවතෙනවා. උපතක්
උපතක් පාසා ඔබ වන්දනා ගමන් යමින් සිටියා. ඔවුන් වන්දනා ගමන් ගොස් පසුව නැවතත් ගෙදර
යනවා. මෙය ඔබගේ ආධ්‍යාත්මික වන්දනා ගමනයි. ඒ මිනිස්සු භෞතික මාර්‍ගෝපදේශකයින්. ඔබ, ආධ්‍යාත්මික
මාර්‍ගෝපදේශකයින්. මාර්‍ගෝපදේශකයින් වන ඔබගේ පාලකයා කවුද? ඒ උත්තරීතර
පියා, උත්තරීතර
ජීවයයි. ඔහුව හඳුන්වන්නේ පාණ්ඩව හමුදාවේ මුල්ම පියා ලෙසයි. තමා ශරීර අවධානයෙන්
සිටි බවත්, පියා දැන් පැමිණ ඔබව නැවතත් ගෙදර ගෙනයාම සඳහා ජීව
අවධානයට පත්කරවනා බවත් ඔබ දන්නවා. ඔබ දැන් ඉන්නේ ආධ්‍යාත්මික වන්දනා ගමනකයි.
මෙහිදී ඔබගේ භෞතික ඉන්ද්‍රිය යොදා ගැනීමක් පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ඔවුන් වන්දනා
ගමන් යනවිට සැමවිටම පාරිශුද්ධත්වය රකිනවා. නමුත්, ගෙදර ගිය
සැණින් ඔවුන් පාපයෙහි යෙදෙනවා. ගෘහ ජීවිත ගත කරනා අය තමයි වන්දනා ගමන්වල යන්නේ.
සියලු දේ අත්හැර යාමේ මාර්ගය ඇත්තෙන්ම ගෘහ ජීවිත මාර්ගයට වඩා වෙනස්. සෑමවිටම බ්‍රහමින්වරුන්
තමයි වන්දනා ගමන් වලදී ඔවුන්ට මාර්‍ගෝපදේශකයා වන්නේ. ගීතයක් තියෙනවා: ඔබ දිශා
හතරේම ගියා, ඒත් ඔබ සිටියේ පියාගෙන් බොහොම ඈතයි. පියා දැන් ඔබව
වන්දනා ගමන තුළ රැගෙන යාම සඳහා ඔබව පාරිශුද්ධත්වයට පත්කරවනවා. ඔහු ඔබව මුක්තිය හා
ජීවන මුක්තිය වෙත ගෙන යන අතර පසුව ඔබ මෙම අපිරිසිදු ලෝකයට පැමිණෙන්නේ නැහැ. ඔවුන්
භෞතික වන්දනා ගමන්වල ගොස් පසුව ගෙදර පැමිණ නැවතත් කිලිටි වු ව්‍යාපාරවල යෙදෙනවා.
වන්දනා ගමන්වලදී ඔවුන්ට කෝපයට පත්වීමත් තහනම්. ඒ කාලය තුළදී විශේෂයෙන්ම ඔවුන්
අපිරිසිදු භාවයට පත්වන්නේ නැහැ. පැති හතරේම වන්දනා ගමන් යාමට ඔවුන්ට මාස තුනක්
හතරක් යනවා. ජීව වන ඔබ දැන් තමා එහි යන බව දන්නවා. පියාගේ උපදෙස වන්නේ: හැකි උපරිම
අයුරින් මා සිහිපත් කරන්න. විමුක්ති දේශය වෙත වු වන්දනා ගමන මෙයයි. ඔබ දැන් එහි
යනවා. ඔබ එම ස්ථානයෙහි වැසියන්. පියා සෑම දිනකම ඔබට කියනවා: මා සිහිපත් කරන්න.
එවිට ඔබගේ පාප නැතිවී යන අතර ඔබ දිගින් දිගටම ඉදිරියට යාමට පටන් ගන්නවා. ඔබ
නිවසෙහි සිටියදීම වන්දනා ගමන් යනවා. ඉතින් එය පුදුම සහගත වන්දනා ගමනක්. එහෙම නේද? ඔබගේ පාප
සියල්ල නැතිවී යන්නේ යෝගා ගින්නෙනි. කල්ප භාගයක් පුරා ඔබ භෞතික වන්දනා ගමන් යමින්
සිටියා. එකල හොඳ තත්ත්වයේ වන්දනා ගමන් ගියා. නමුත්, පසුව ඒවා
විනාශ මුඛයට ඇද වැටුණු වන්දනා ගමන් බවට පත්වුවා. පළමුවෙන්ම ඔබ වන්දනා කළේ ශිවාටම
පමණයි. පසුව ඔබ, බ්‍රහ්මා, විශ්ණු හා ශංකර් ද, පසුව ලක්ෂ්මී හා නාරායන්ට ද වන්දනා කළා. දැන් ඔවුන් සෑම
දෙයකටම වඳිනවා. බල්ලන්, බළලුන් හා ගස් ගල් ආදී සියල්ලටම වන්දනා කරනවා. පියා
විස්තර කරනවා: ඒ සෑම දෙයක්ම බෝනික්කන්ට වන්දනා කරනවා වැනියි. ඔවුන් ශිව බාබාගෙන්
හෝ දේවතාවන් විසින් කෙරෙන්නේ කුමක්ද කියා දන්නේ නැහැ. බෝනික්කන්ට කරන්න වැඩක්
නැහැ. ශිව බාබාගේ ක්‍රියාව කුමක්ද යන්න ගැන දන්නේ නැතිකම බෝනික්කන් වන්දනා කිරීමක්
වැනියි. කොහොමනමුත්, ඔවුන්ගේ සමහර ආශා ඉෂ්ඨ වනවා. සත් යුගයේ භෞතික වන්දනා
ගමන් ඇත්තේ නැහැ. එතැන් සිට කෝවිල් එන්නේ කෙසේද? මෙය දූෂිත වු
ලෝකයක්. තමා අපිරිසිඳුයි කියා ඔවුන් සළකනවා. මේ නිසා තමයි ඔවුන් ගංගාවලට ගොස්
ස්නානය කරන්නේ. කුම්භමේලාවෙහි තිබෙන වැදගත්කම ඔබට විස්තර කර දී තිබෙනවා. නියම
සංගමය වන්නේ මෙයයි. ජීව, උත්තරීතර ජීවයෙන් බොහෝ කාලයක් වෙන්වී සිටි බව කියැවෙනවා.
ඔබ සත්ගුරූව සොයා ගත් විට තමයි ඒ ලස්සන හමුවීම සිදුවන්නේ. සත්ගුරු, පාරිශුද්ධකරුවා
අතරමැදියෙක්ගේ ස්වරූපයෙන් පැමිණ ඔබව මුණගැසෙනවා. ඔහුට තමාටම කියා ශරීරයක් නැහැ.
ඔහු මෙම අතරමැදියා මාර්ගයෙන් ජීව වන ඔබව ඔහුට අයිති කර ගන්නවා. එනම්, ඔහු දරුවන් වන
ඔබට ඔහුගේ හැඳින්වීම ලබා දෙනවා. දරුවනි, මා සාමයේ දේශය වෙත ඔබව වන්දනා ගමනක ගෙන යාමටත්, පාරිශුද්ධත්වයේ
ලෝකය වෙත ගෙන යාමටත් පැමිණ සිටිනවා. භාරතය පාරිශුද්ධත්වයෙන් තිබු බව දරුවන්
දන්නවා. එහි තිබුණේ ඒ එකම එක ආදී සනාතන දේවී දේවතා ධර්මය පමණයි. ආර්ය (පුරවැසි)
ධර්මය එකල තිබුණේ නැහැ. ආර්යයන් මෙන්ම, ආර්යයන් නොවන අයත් එහි ඉන්නවා. දේවතාවන් ආර්යයන් ලෙස
සැළකෙනවා නම්, ආර්ය ධර්මය පාලනය කළේ කවුද? අධ්‍යාපනය ලත්
අය තමයි ආර්යයන් ලෙස හැඳින්වෙන්නේ. මෙකල, සියලු ආර්ය නොවන්නන් (පුරවැසියන් නොවන) අධ්‍යාපනයක්
නොලැබු අයයි. ඔවුන් කිසිම ලෙසකින් බාප්දාදා ගැන දන්නේ නැහැ. උසස්ම තැනැත්තා ශිව
බාබා වන අතර පසුව බ්‍රහ්මා, විශ්ණු හා ශන්කර් මෙන්ම, පසුව ජනයාගේ
පියා බ්‍රහ්මාත් ඉන්නවා. එමනිසා, ජගත් මාතාවද මිනිසුන්ගේ මව ලෙස ගත යුතුයි. බ්‍රහමින්වරුන්ගේ
නිර්මාණය සිදුවන්නේ මොහු මාර්ගයෙන්. ඔබ , හදාගැනීමට ගත් දරුවන්. ඔබව හදාගැනීමට ගන්නේ කවුද? ඒ උත්තරීතර
පියා, උත්තරීතර
ජීවයයි. තමා ඔහුගේ දරුවන් බව ඔබ දන්නවා. කොහොමනමුත්, ඔබට පියාව
අමතක වී ඔබ අනාථයින් බවට පත්වුවා. කිසිම කෙනෙක් දෙවියන්, පියාගේ
රැකියාව කුමක්ද යන්න ගැන දන්නේ නැහැ. පියා පැමිණ එවන් වු අයව පාරිශුද්ධත්වයට
පත්කරවනවා. පියා තමයි ඔබට පාරිශුද්ධත්වය ගැන කියා දෙන්නේ. ඔබ දැන් තමා යා යුතු
ස්ථානය සිහිපත් කළ යුතුයි. මායා නැවත නැවතත් ඔබට මෙය අමතක කරවනවා. මෙය සටන් බිමක්.
ඔබ පියාට අයිති වන නමුත් පසුව මායා ඔබව ඇයට අයිති කර ගන්නවා. මෙය දෙවියන් හා මායා
අතර ඇති ක්‍රීඩාවකි. පියාට වෙන්වීමෙන් පසුවත් සමහරු පුදුමයට පත්වනවා. ඔවුන් ඔහුට
සවන් දී පසුව යන්න යනවා. මායාත් ඉතාමත් ශක්තිමත් කෙනෙක්. පියා හැර වෙන කිසිම
කෙනෙක්ට ඔබගේ බුද්ධියේ යෝගා බලය යොදාගෙන සටන් කිරීමට උගන්වන්න බැහැ. ඒ සර්ව
අධිකාරී පියාත් සමග යෝගා කිරීමෙන් ඔබ ශක්තිය ලබා ගන්නවා. තමා පාරිශුද්ධත්වයට පත්
වී පසුව නිවස බලා යන බව ඔබ දන්නවා. ඔබ එම ශරීරය ලබාගෙන තිබෙන්නේ මෙහි කොටසක්
රඟදැක්වීම සඳහායි. අප අපගේ උපත් 84 සම්පූර්ණ කර තිබෙනවා. මෙය කෙටි, නමුත් උසස්, අවසන් කාලය
තුළ ඇති යහපත සළසන සංගම් යුගයයි. ඒ සියලු දැනුමේ ගංගා මතු වී තිබෙන්නේ දැනුමේ
සාගරයෙනි. පියා කියනවා: දිගින් දිගටම පියාව සිහිපත් කරන්න. එවිට ඔබගේ ආයු කාලය
වැඩි වී උපත් 21ක් පුරාවටම ඔබ අමරණීයත්වයට පත්වනු ඇත. මෙහිදී කිසිම විටෙක
අකල් මරණ සිදුවන්නේ නැහැ. තවත් ශරීරයක් ලබාගැනීමට අවශ්‍ය අවස්ථාවේදී ඔවුන්
නිරායාසයෙන්ම තම ශරීරය අත්හැර යනවා. ඇවිදින විටත් වැඩක යෙදී සිටිනා විටත් පියාගේ
ස්මරණයෙහි යෙදෙන්න. මෙම ස්මරණය මගින් ඔබ මුළු ලෝකයම පාරිශුද්ධත්වයට පත්කරවනවා.
පියා පැමිණ සිටින්නේ ඔබව පාරිශුද්ධත්වයට පත්කිරීමටයි. දේවතාවන්ව සිටි අයගේ පැළෑටිය
දැන් පැළවෙමින් තිබෙනවා. ඔවුන් දැන් ක්ෂුද්‍ර තත්ත්වයට පත් වී සිටිනා අතර තවත්
සමහරු වෙන වෙන ආගම්වලටත් බැඳී සිටිනවා. ඒ සෑම කෙනෙක්ම දිගින් දිගටම මතු වනවා. සෑම
කෙනෙක්ටම තම තමන්ගේ කොටස තිබෙනවා. මෙහිදීත් සෑම කෙනෙක්ටම තම තමන්ගේ ක්‍රම සහ විධි
තිබෙනවා. ඒ ආදී සනාතන දෙවි දේවතා ධර්මයේ පැළෑටිය දැන් පැළවෙමින් තිබෙනවා.
පළමුවෙන්ම බ්‍රහමින්වරුන් බවට පත් වු අය තමයි එන්නේ. පළමුවෙන්ම බ්‍රහමින් තත්ත්වයට
පත් නොවී ඔබට දේවත්වයට පත්විය නොහැකියි. ඔබ බ්‍රහ්මාට අයිති වන්නේ නැතිනම්, ශිව බාබාගෙන්
උරුමය ලැබීමට ඔබට බැහැ. දේවතා ධර්මයට අයත් වුවන් අනිවාර්යෙන්ම බ්‍රහමින් ධර්මයට
අයිති වනවා. ඔබ දැන් කටුවලින් මල් බවට පත් වී සිටිනවා. ඔබ කිසිම කෙනෙක්ට දුක්
දෙන්නේ නැහැ. ලොකුම සතුරා රාවන්ය. පාප පහේ සතුරා ඉතාමත් සුක්ෂමයි. කල්ප භාගයක්
පුරා ඔහු සෑම කෙනෙක්වම සටනට පොළඹවා තිබෙනවා. ඔහු ඔවුන්ව වට්ටා දැමු අතර ඔවුන්ව
අපිරිසිඳුභාවයට පත්කර තිබෙනවා. පියා විසින් දැන් මෙම යාගය නිර්මාණය කර තිබෙනවා. ඒ
අසීමිත වු පියා රුද්‍රාගේ දැනුම නම් වු යාගය නිර්මාණය කර තිබෙනවා. මෙහි සෑම දෙයක්ම
පිළිස්සී යනවා. ජීවය අසුන්ගෙන සිටින්නේ අශ්වයා (ශරීරය) පිටයි. එහි නම වන්නේ
අධිකාරීත්වය හිමිකර ගැනීම සඳහා වු රුද්‍රාගේ දැනුම් යාගය ලෙසයි. දිව්‍යලෝකයේ
නිර්මාණය උදෙසා මේ ආකාරයෙන් විශාල යාගයක් නිර්මාණය කර තිබෙනවා. මෙම ලෝකය දැන්
වෙනස්විය යුතු බව ඔබ දැන් දන්නවා. ඔබගේ හදවත තුළ මෙම කුල්මත්භාවය තිබෙනවා. බාබා
යාගයක් නිර්මාණය කර තිබෙනා අතර එය දැඩි ප්‍රවේසමෙන් ඔබ විසින් රැකබලා ගතයුතු වනවා.
ශ්‍රීමත් අනුගමනය කරනා අය ඉතාමත් හොඳ දානයක් ලබා ගන්නවා. ඔබ මෙම යාගය හොඳින්
බලාගතහොත් ඔබ ලෝක පාලකයින් බවට පත්වනවා. මෙම දේපළ සඳහා ඔබ කල්ප භාගයක් පුරා අතන
මෙතන කැරකෙමින් සිටියා. පියා ඔබට එය ලබාදීම සඳහා පැමිණ සිටිනවා. ඒත් තවමත් සමහර
දරුවන් පියාව අත්හැරදමා යනවා. එමනිසා, ඔහු පුදුමයට පත්වනවා. මනමාලියන් වන ඔබ මෙසේ ගායනා කරමින්
සිටියා: මා ඔබට මාව කැප කරනවා. දැන් මා පැමිණ සිටිනවා. ඔබ මාහට අයිති වී පසුව මා
අත්හැර ගියාඳ්‍යා එවිට ඉහළ නගිනවා වෙනුවට ඔබ වැටෙනවා. ඉහළට නැග යන අය දිව්‍යලෝකයේ
මිහිර අත්දකිනා අතර වැටෙනා අය. ඉතින් අගමැති ආදීන් හා දිළිඳු පුරවැසියන් අතර
යම්කිසි වෙනසක් තිබෙනවා. එමනිසා, ඔබ දැන් උත්සාහයෙහි යෙදී පියාගෙන් ඔබගේ රාජ්‍යය හිමිකර
ගත යුතුයි. රුද්‍රාගේ දැනුමෙහි යාගය මෙයයි. මේ සඳහා ඔවුන් ක්‍රිෂ්ණාගේ නම යොදාගෙන
තිබෙනවා. මේ සෑම දෙයක්මත්, ආගමික ග්‍රන්ථත් නිර්මාණය වී තිබෙන්නේ භක්ති මාර්ගය
සඳහායි. මෙහි ඉන්නේ එකම එක දෙවි කෙනෙක් පමණයි. පාරිශුද්ධකරුවා ලෙස හඳුන්වන්නේ
ඔහුයි. සාම දේශයේදී හෝ සතුටේ දේශයේදී කිසිම කෙනෙක් කන්නලව් කරන්නේ නැහැ. එමනිසා, දරුවන්
සම්පූර්ණ කුල්මත්භාවයට පත්විය යුතුයි. මෙය තමයි රුද්‍රාගේ දැනුම නම් වු යාගය.
මින්පසු වෙන කිසිම යාගයක් නිර්මාණය වන්නේ නැහැ. වියසන අවසන් කිරීමට මිනිස්සු භෞතික
යාග කරනවා. පියා විසින් කල්ප භාගයක් පුරාවටම එවන් වු වියසන අවසන් කර දමනවා. කිසිම
පුජකවරයෙක් හෝ සාන්තුවරයෙක් මේවා ගැන දන්නේ නැහැ. ඔවුන් දෙවියන් විසින් කියැවුණු
ගීතා මාතාව තුළට ක්‍රිෂ්ණාගේ නම ඇතුළුකර තිබෙනවා. දැන් මිනිසුන්ගේ බුද්ධියේ යෝගාව
සම්බන්ධ වී තිබෙන්නේ ක්‍රිෂ්ණා සමග නිසා ඔබ දැන් මිනිසුන්ට අනතුරු ඇඟවිය යුතුයි.
ක්‍රිෂ්ණා මෙසේ කියන්නේ නැහැ: මන්මනාභව්ඳ්‍යා නිරන්තරයෙන්ම මා සිහිපත් කරන්න. එවිට
මා ඔබව මාත් සමග ගෙන යන්නම්. පියා මෙහි අසුන්ගෙන ඔබව මේ සඳහා සුදුස්සන් බවට
පත්කරවනවා. ඔහු අවලස්සනව සිටිනා ඔබව අලංකාර කරවනවා. ඔබ අවලස්සන වු අතර, පසුව බාබා
පැමිණ ඔබව ලස්සන කරවා දිව්‍යලෝකයට යාමට සුදුස්සෙක් බවට පත්කරවනවා. මෙය ඔබ ඇවිදින
විට වුවත් ඔබගේ බුද්ධිය තුළ තබා ගන්න. ඔබට නිරන්තරයෙන්ම මෙම තත්ත්වය තබා ගැනීමට
හැකිනම්, ඔබගේ ඔරුව
පහසුවෙන්ම එගොඩ කරගත හැකි වනවා. එහි සෞඛ්‍යය, ධනය හා සතුට තිබෙනවා. ඔබ ඉතාමත් උසස් වු උරුමයක්
බාබාගෙන් ලබා ගන්නවා. එමනිසා, ඉතා හොඳින් ඔහුව සිහපත් කර ඔහුගේ ඉගැන්වීම් හොඳින්
ඉගෙනගත යුතුයි. ඔබ කටු බවින් මල් බවට පත් විය යුතුයි. ඔබ දැන් මල් බවට පත්වනවා.
මෙය මල් වත්තක්, එය දැන් කටුවලින් පිරි කැළයක්. අකාසුර්, බකාසුර් ආදී
නම් සංගම් යුගයේ සිටි යක්ෂයින්ගේ නම්. සෑම කෙනෙක්ම මෙහිදී අභිවෘද්ධියට ලක්විය
යුතුයි. මෙය ඉගෙනගෙන අන් අයටත් උගන්වා දිගින් දිගටම ශ්‍රීමත් අනුගමනය කරනා අය
පරම්පරා 21ක් පුරාවටම තම උරුමය හිමිකර ගන්නවා. ඔබ නිරන්තර සතුටට
පත්වනවා. මේ ඔබ 100% ක්ම ඉහළටම යන කාලයයි. ඔබගේ කලාවන් දිගින් දිගටම පහළට
බසිනවා. මේ වන විට ඔබගේ සියලු කලාවන් බැස තිබෙනවා. ඔබ ගායනා කරනවා: මා කිසිම
ගුණාංගයකින් තොර වු, ගුණාංග නොමැති කෙනෙක්. පියා, දැඩි සෙනෙහසක්
ඇති තැනැත්තා ලෙස හැඳින්වෙනවා. ඔහු සෑම චක්‍රයකම සංගම් යුගයේදී මෙහි එනවා. භාරතය
දිව්‍යලෝකයක් වන විට සෑම කෙනෙක්ම සතුටට පත්වනවා. දරුවන් දැන් යක්ෂ උපදෙස් නොව, ශ්‍රීමත්
අනුගමනය කළ යුතු වනවා. පියා කියනවා: ඔබ බොහෝ සෙයින් මා නිග්‍රහවට ලක් කළා. ඔබ මීට
පෙර, මට නමක් හෝ
ස්වරූපයක් නැහැයි කියා කිව්වා. ඒ වගේම මා සෑම තැනකම ඉන්නවා කියාත් කිව්වා. මේ සෑම
දෙයක්ම නාටකයේ මේ ආකාරයෙන්ම සෑදී තිබෙනවා. ඔබ දැන් තුන් කාලයම දකිනා දරුවන් බවට
පත්වනවා. ඒ වගේම ඔබ පියා ගැනත් දන්නා අතර ඔහුගෙන් උරුමයක්ද ලබනවා. දැන් මෙහි කිසිම
හේතුවකින් තොරව ලේ වැගිරීම් සිදුවනවා. කිසිම හේතුවකින් තොරව නොයෙකුත් වියසන සිදුවන
අතර එමනිසා, බොහෝ දෙනා මිය යනවා. භක්ති මාර්ගයේ ඔවුන් දේවතාවන්ගේ
නොයෙකුත් පිළිම නිර්මාණය කරනවා. ඔවුන් බොහෝ සෙයින් මුදල් ද වියදම් කරනවා. ඔවුන්
දේවතාවන්ගේ පිළිම නිර්මාණය කරනවා. ඒවාට වන්දනා කරනවා. ඒවා බලා කියා ගන්නවා. ඒ වගේම
ඒවා පා කර හරිනවා. එමනිසා, එය බෝනික්කන් වන්දනා කිරීමක් තමයි. ඔවුන් නිර්මාණය කරනා
කාලිගේ පිළිරුව දෙස බලන්නඳ්‍යා එවන් වු පුද්ගලයෙක් සිටිය නොහැකියි. ඔබ මෙහි
අසුන්ගෙන සිටිනා අතර ඔබ ඉන්නේ වන්දනා ගමනකයි. ඔබ දුම්රියක ගමන් කරනා විටත් ඉන්නේ
වන්දනා ගමනකයි. ඔබගේ බුද්ධිය යොමු වන්නේ වන්දනා ගමනටමයි. ඔබගේ බුද්ධිය සම්බන්ධ වී
නොමැති නම්, එහිදී කාලය අපතේ හැරීමක් සිදුවනවා. පියා කියනවා: ඔබගේ
කාලය අපතේ හරින්න එපා. ඔබගේ කාලය ඉතාමත් වටිනා කාලයක්. ආදායමක් ලබන්නේ නැතිව එක්
මොහොතක්වත් ගතවන්න දෙන්න එපා. පියා ඔබට සම්පූර්ණ උත්සාහයෙහි යෙදීමට ඔබව පොළඹවනවා.
බාබා මෙම ලෝකය දිව්‍යලෝකයක් බවට පත්කරවීම සඳහා මෙම යාගය නිර්මාණය කර තිබෙනවා.
දිගින් දිගටම බාබා, බාබාම කියා කියන්න. එවිට ඔබගේ ඔරුව එගොඩ කරගත හැකි වනවා.
අප බ්‍රහමින් දරුවන් වන අතර අපට ඉතාම විශාල වගකීමක් තිබෙනවා. පියා කියනවා: දරුවනි, ජීව අවධානයට
පත්වන්නඳ්‍යා ඔබගේ සිතිවිලි, වචන හා ක්‍රියා මගින් කිසිවෙකුට දුක් දෙන්න එපා. දැඩි
සුමිහිරි භාවයට පත්වන්න. කෝපයට පත්වීමෙන් ඔබ සේවයක් නොව ඊට පටහැනි දෙයක් කරනවා.
තවමත් කිසිම කෙනෙක් පරිපුර්ණත්වයට පත්ව නැහැ. මේ භුතාත්ම ඉතාමත් භයානකයි. අච්චා.
සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය
දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා
කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
කාලය බොහෝ වටිනා දෙයක්. එමනිසා, ආදායමකින්
තොරව එකම එක ක්ෂණයක්වත් පසු කරන්න එපා. ජීව අවධානයෙන් සිටීමට සම්පුර්ණ උත්සාහයෙහි
යෙදෙන්න.
ඔබ ඇවිදින විටත්, යම් වැඩක යෙදෙන විටත් පියාව සිහිපත් කරන්න. ඉතාමත් සුමිහිරි
භාවයට පත්වන්න. කිසිම කෙනෙක්ට දුක් දෙන්න එපා.
වරදානය: ඔබ
මාස්ටර් කෙනෙක්ය යන අවධානය ඇතිව, ඔබගේ අණට අනුව ඔබේ බල වැඩකරවන තමාගේම මාස්ටර්, ස්ව අධිරාජ්‍යයකු
වේවා.
ඔබ පියාගෙන් ලබා ඇති සියලුම බල භාවිත කරන්න. නියම වෙලාවට
බල භාවිත කරන්න. තමා ඒවායේ මාස්ටර් යන අවධානය ඇතිව, බලයන්ට අණ
දෙන්න. එවිට, ඒවා ඔබේ අණට කීකරු වෙනවා ඇත. ඔබ දුර්වලව සිට ඒවාට අණ
කරයි නම්, ඒවා ඔබට අවනත නොවේ. බාප්දාදා ඔබ සියලුම දරුවන්
මාස්ටර්වරු කරවයි, දුර්වල නොකරයි. ඔබ සියලුම දෙනාම රජ දරුවන්ය, මන්ද ස්ව
අධිරාජ්‍යය ඔබේ ජන්ම උරුමයයි. කිසිවෙකුටත් ඔබේ මෙම ජන්ම උරුමය ඔබෙන් උදුරාගත
නොහැකිය.
පාඨය: ත්‍රිකාලදර්ශි
ස්ථිතියේ ස්ථාවරව සිටිමින් සියලුම ක්‍රියා සිදුකරන විට, ඔබට නොකඩවාම
සාර්ථකත්වය ලැබෙනවා ඇත.
*** ඕම් ශාන්ති
***
No comments:
Post a Comment