සාරය: සුමිහිරි දරුවනි, ඔබ අයත් වන්නේ දෙවියන්ගේ පවුලටයි. දෙවි පවුලේ නීතිය
වන්නේ සහෝදරත්වයේ අවධානයෙන් සිටීමයි. බ්‍රහමින් පවුලේ නීතිය වන්නේ සහෝදරයන්
සහෝදරියන් ලෙස ජීවත්වීමයි. මේ නිසා තමයි ඔබ එකිනෙකා අතර කිසිම අපිරිසිඳු දැකීමක්
ඇති නොවිය යුත්තේ. ඔබ අයත් වන්නේ දෙවියන්ගේ පවුලටයි. දෙවි පවුලේ තිය වන්නේ
සහෝදරත්වයේ අවධානයෙන් සිටීමයි. බ්‍රහමින් පවුලේ නීතිය වන්නේ සහෝදරයන් සහෝදරියන්
ලෙස ජීවත්වීමයි. මේ නිසා තමයි ඔබ එකිනෙකා අතර කිසිම අපිරිසිඳු දැකීමක් ඇති නොවිය
යුත්තේ.
පිළිතුර: මේ කාලයේදි බාබා පෞද්ගලිකව තම ආදරණීය දරුවන්
ඉදිරියට පැමිණ පියා, ගුරුවරයා හා සත්ගුරු
යන කොටස් රඟ දක්වනු ඇත. දරුවන් දැන් අපාය දිව්‍යලෝකය බවට පත් කිරිමටත්, සෑම කෙනෙකුටම විමුක්තිය ලබාදීමටත් සඳහා වන
බාබාගේ අසහාය වූ උපදෙස් ලබනා බව ඔබ තේරුම් ගන්නවා.
ප්‍රශ්නය: ඔබගේ අත්හැරිම සතෝප්‍රධාන් අත්හැරීමක් වන්නේ
කෙසේද?
පිළිතුර: ඔබ මේ සම්පූර්ණ පැරණි ලෝකය ඔබගේ බුද්ධියෙන් ඉවත්
කර දමනවා. මෙම අත්හැරීම නිසා ඔබ සිහිකරන්නේ පියාවත් ඔහුගේ උරුමයත් පමණයි. ඒ වගේම
ඔබ පාරිශුද්ධත්වයෙන් යුතුව සිටිනා අතර ඔබගේ කෑම ගැනත් ප්‍රවේසම් වෙනවා. මෙමගින් ඔබ
දේවතාවන් බවට පත්වනවා. සන්යාසීන්ගේ අත්හැරිම සීමිතයි. එය අසීමිත වූවක් නොවේ.
ගීතය: ඒ අවිහිංසක ස්වාමියා තරම් අසහාය වූ කෙනෙක්
තවත් නැත...
ඕම් ශාන්ති. මුලින්ම
බාබා දරුවන්ට විස්තර කරනවා: තමා ජීවයක් ලෙස සලකා පියාව සිහිපත් කරන්න. බාබා මීට
අවුරුදු 5000කට ප්‍රථමත් “මන්මනාභව්” යනුවෙන් කිව්වා. අනෙක් සියලුම සම්බන්ධතා අමතකර දමා තමා
අශාරිරික වූ ජීවයක් ලෙස සළකන්න. සෑම කෙනෙක්ම තමා ජීවයක් ලෙස සළකනවාද? කිසිම කෙනෙක් තමන් උත්තරීතර ජීවය කියා
සළකන්නේ නැහැ. එහෙම නේද? ඔවුන් ගයනවා,
පාපකාරි ජීව, පිවිතුරු පුණ්‍යවන්ත ජීව හා උසස් ජීව කියා. “උසස් උත්තරීතර ජීවය” යන්න කිසි විටෙක පවිච්චි කරන්නේ නැහැ.
ජීවයක් පාරිශුද්ධත්වයට පත්වූ විට එය පිරිසිඳු ශරිරයක් ලබනවා. පසුව ජීවයෙහි මලකඩ
බැඳෙනවා. බාබා උපක්‍රමශීලිව දරුවන්ට උගන්වනවා. ජීව ලෙස අප සැවොම සහෝදරයින් වන බවත්,
ශරිර වශයෙන් ගත්කල අප සැවොම සහෝදර සහෝදරියන්
වන බවත් නියතයි. මෙහි පැමිණෙන විවාහ වීමට සිටිනා ජෝඩු (Couples) ඔවුන් සහෝදරයෙක් හා සහෝදරියක් යන වග ඇසූ විට
කනස්සල්ලට පත් වනවා. කොහොමනමුත්, මෙම නීතිය
විස්තර වී තිබෙනවා: ජීව වන අප සැමගේ පියා එකම පියෙක් වන අතර අප සැවොම සහෝදරයින්.
පසුව අප මනුෂ්‍ය ශරිරයකට ඇතුලු වූ විට, අප ඒ ජනයාගේ
පියා වූ බ්‍රහ්මාගේ නිර්මාණය වෙනවා. එමනිසා, බ්‍රහ්මාගේ කටින් උපන් මෙම නිර්මාණය අනිවාර්යෙන්ම සහෝදර
සහොදරියන් විය යුතුයි. සෑම කෙනෙක්ම උත්තරීතර පියා උත්තරීතර ජීවය ගැන කතා කරනවා.
දිව්‍යලෝකයේ නිර්මාණකරුවා බාබායි. ඉතින්, අප ඔහුගේ දරුවන් නම් ඇයි අප ඒ දිව්‍යලෝකයේ පාලකයන් බවට
පත් නොවන්නේ? කොහොමනමුත්, දිව්‍යලෝකය තිබෙන්නේ ස්වර්ණම යුගයේයි. බාබා
පැමිණ නව ලෝකය නිර්මාණය කරනවා කියා දෙයක් නැහැ: බාබා පරණ දේ වෙනස් කර අලුත් කරනවා.
එනම්, ඔහු මෙම ලෝකය වෙනස්
කරනවා. එමනිසා, බාබා මෙහි පැමිණිය
යුතුමයි. බාබා දිව්‍යලෝකයේ උරුමය ලබා දුන්නේ භාරතයටයි. ඒ වගේම විශාලතම දේවාලය වන
සෝමනාත් දේවාලය එහි සිහිවටනයයි. අනිවාර්යෙන්ම එකල, දේවතාවන්ගේ එකම එක රාජ්‍යයක් පමණක් තිබුණා. ඒ කාලයේ වෙන
කිසිම ආගමක් තිබුණේ නැහැ: අනෙක් සෑම ආගමක්ම පැමිණියේ ඉන් පසුවයි. එමනිසා, අනෙක් සෑම ජීවයක්ම අනිවාර්යෙන්ම නිර්වාණ
දේශයේ බාබාත් සමඟ සිටියා. භාරතයේ මිනිස්සු ජීවන මුක්තිය ලැබුවා: ඔවුන් සිටියේ
සුර්යවාංශික කුලයේයි. දැන් ඔවුන්ට තිබෙන්නේ කරදර වලින් පිරි ජීවිතයක්. එක්
මොහොතකින් ජීවන මුක්තිය ලත් ජනක් රජතුමාගේ උදාහරණයක් තිබෙනවා. මුළු දිව්‍යලෝකයටම
ජීවන මුක්තිය තිබෙනවා. තම තමන්ගේ උත්සාහයට අනුව ඊට ගැලෙපෙන තත්ත්වයක් ලැබුවා වුවත්,
සෑම කෙනෙක්ම ජීවන මුක්තිය ලබනවා. එමනිසා,
ඒ විමුක්තිදායකයා එකම එක සත්ගුරු පමණක් විය
යුතුයි. නමුත් කිසි කෙනෙක් මෙය දන්නේ නැහැ. මන්ද සෑම කෙනෙක්ම ඉන්නේ මායාගේ බන්ධන
තුළයි. දෙවියන්ගේ ක්‍රම සහ විධි අසහායජනකයි කියා කියනවා. ඔහු ශ්‍රීමත් දෙනවා. ඔහු
අනිවාර්යෙන්ම මෙහි එනවා. අවසානයේදි සෑම කෙනෙක්ම කියයි: අහෝ දෙවියනි! ඔබ දැන්
කියනවා: අහෝ දෙවියනි, ඔබ මේ අපාය
දිව්‍යලෝකයක් බවට පත් කරනා ක්‍රියාවලිය අසහායයි. තමා දැන් නැවතත් මේ පහසු රාජයෝගා
දැනුම ලබා ගන්නා බව ඔබට වැටහෙනවා. මීට කල්පයකට ප්‍රථමත් සංගම් යුගයේදි ඔබට මෙය
ඉගැන්වුවා. බාබා ඔහු විසින්ම කියනවා: ආදරණීය දරුවනි, මා එන්නේ දරුවන් වන ඔබ ඉදිරියට පමණයි. ඔහු උත්තරීතර පියා
වන අතර, උත්තරීතර ගුරුවරයාද
වෙනවා. ඔහු ඔබට දැනුම දෙනවා. වෙන කිසිම කෙනෙකුට මේ ලෝක චක්‍රයෙහි දැනුම දෙන්නට
බැහැ. කිසිම කෙනෙක් මේ ලෝකයේ මුල, මැද හෝ අග ගැන
දන්නේත් නැහැ. ලෝක ඉතිහාසය හා භූගෝලය ගැන දන්නේත් නැහැ. උත්තරීතර පියා, උත්තරීතර ජීවය විසින් ස්ථාපනය හා විනාශය
සිදු කරන්නේ කෙසේද යන්න ගැනවත් කිසිම කෙනෙක් දන්නේ නැහැ. දරුවන් දැන් සෑම දෙයක්ම
තේරුම් ගෙන තිබෙනවා. දෙවියන්ට, මනුෂ්‍යයින්
දේවතාවන් බවට පත්කිරිමට එතරම් වෙලාවක් ගියේ නැහැ: මෙය ඔහුගේ ප්‍රශංසනීයත්වයයි.
මෙවැනි කියමනකුත් තිබෙනවා: දෙවියන් කිලිටි වූ ඇඳුම් සෝදනවා. ඔබ සෑම කෙනෙක්ම
තමාගෙන්ම විමසිය යුතුයි. මා පිරසිඳුයිද, අපිරිසිඳුයිද? ඒ අමරණීයත්වයේ අමෘතයේ සිංහාසනයක් තිබෙනවා. ඒ අමරණීයත්වයේ
අමෘතය තිබෙන්නේ කොහේද? එය තිබිය
යුත්තේ ඒ උත්තරීතර දනව්වේයි. එනම්, ඒ බ්‍රහම්
ආලෝකයේයි. ජීව වන අපත් එහි වාසය කරනවා. එය කිසිම කෙනෙක්ට යා නොහැකි වූ අමරණීයත්වයේ
අමෘතය ලෙසත් හැඳින්වෙනවා. අප ඒ සුමිහිරි නිවහනෙහි වාසය කරනා අතර බාබාත් එහි වාසය
කරනවා. කොහොමනමුත්, එහි ඉඳ ගැනීමට පුටු හෝ
කවිච්චි නැහැ. එහදීි අප අශාරිරිකයි. එමනිසා, තමා එක් තත්පරයකින් ජීවන මුක්තිය ලබා ගන්නා බව වටහා
ගන්න. එනම්, ඒ සඳහා ඔබ සුදුස්සෙක්
බවට පත්වෙනවා. බාබා කියනවා: ශිව බාබාවත් විශ්ණුගේ දේශයත් සිහිපත් කරන්න. දැන් ඔබ
බ්‍රහ්මාගේ දේශයේ අසුන්ගෙන සිටිනවා. ඔබ බ්‍රහ්මාගේ දරුවන් වන අතර ශිව බාබාගේත්
දරුවන් වෙනවා. ඔබ තමා, සහෝදර
සහෝදරියන් ලෙස නොසළකතහොත්, රාගයේ පාපයේ
ගැලෙන්න පටන් ගන්නවා. මෙය දේව පවුලක්. දරුවන් මෙහි අසුන්ගෙන ඉන්නවා. දාදා, සීයා ඉන්නේ මෙහියි. පියා මෙහි සිටිනා අතර ඔබ
ඔහුගේ දරුවන්. ඔබ බ්‍රහ්මා මාර්ගයෙන් දරුවන් වන, ශිව බාබාගේ දරුවන්. ඔබ ශිවාගේ මුණුපුරන්. ඔබ මනුෂ්‍ය
ශරිරය තුළ සිටිනා විට, සහෝදර
සහෝදරියන්, මෙකල ඔබ ප්‍රායෝගික
ලෙසම සහෝදර සහෝදරියන් වෙනවා. මෙය බ්‍රහමින් වංශයයි. බුද්ධිය විසින් මෙය තේරුම් ගත
යුතුයි. ඔබ එක් ක්ෂණයකින් ජීවන මුක්තිය ලබා ගන්නවා. නමුත් ඔබ ලබා ගන්නා තත්ත්වය
විවිධාකාර වෙනවා. ඔබට දුක දෙන මායා, එහි නැහැ.
මිනිස්සු කියනවා, ලෝකයේ ආරම්භයේ සිටම අප
රාවන්ගේ පඹයෙකු සාදා එය පිච්චුවා කියා, නමුත් ස්වර්ණම
යුගයේ සිටම කලි යුගය තෙක්ම රාවන්ගේ පඹයෙකු සාදා පුළුස්සනවා කියා දෙයක් සිදුවන්නේ
නැහැ. එය විය නොහැකි දෙයක්: යක්ෂයෙක් දිව්‍යලෝකයේ ඉන්නේ කෙසේද? මෙය යක්ෂ සමාජයක් බව බාබා කියා තිබෙනවා. ඒ
වගේම ඔවුන් ‛අකාසුර්’, ‛බකාසුර්’ යන නම් පාවිච්චි කර තිබෙනවා. ක්‍රිෂ්ණා ගවයන්ට තණ කැව්වා
කියාත් ඔවුන් කියනවා: මෙවැනි කොටසකුත් සිදු වී තිබෙනවා. ඔබ සෑම කෙනෙක්ම ශිව බාබාගේ
ගවයින්, ශිව බාබා ඔබට දැනුම
නම් වූ තණකොල කවනවා. ඔහු ඔබට තණකොළ කවනවා මෙන්ම, ඔහු තමයි ඔබව පෝෂණය කරන්නා වන්නේත්. මිනිස්සු කෝවිල්වලට
ගොස් දේවතාවන්ගේ ප්‍රශංසනීයත්වය ගැන ගායනා කරනවා: ඔබ සියලුම ගුණාංගයන්ගෙන්
පරිපූර්ණයි. නමුත් අප පරිහාණියට පත්වූ පාපකාරීන්. ඔවුන්ට තමාම දේවතාවන් ලෙස
හඳුන්වා ගත නොහැකියි. ඉතින් ඔවුන් තමා හින්දූන් ලෙස හඳුන්වා ගන්නවා. මෙහි මුල්ම නම
භාරතයයි. ගීතාවේ මෙසේ සඳහන් වී තිබෙනවා: මා භාරතයට පැමිණෙන්නේ ආගම් පරිහාණියට
පත්වූ විටයි. ගීතාවේ හින්දුස්ථානය ගැන සඳහන් වී නැහැ. දෙවියන් කතා කරයි: දෙවියන්
අශාරිරික වූ තැනැත්තා වන අතර සෑම කෙනෙක්ම ඔහු ගැන දන්නවා. ස්වර්ණම යුගයේ සෑම
කෙනෙක්ම දිව්‍යමය ගුණාංග වලින් පිරුණා වූ මනුෂ්‍යයින්, ඔවුන් තමයි උපත් 84ක් ගන්නා අය වන්නේ. ඉතින් ඔවුන් අනිවාර්යෙන්ම දිව්‍යලෝකයෙන්
අපාය වෙත යනවා. වන්දනීයත්වයට පාත්‍ර වන්නන් ලෙසත්, වන්දනාකරුවන් ලෙසත් හැඳින්වීමෙහිත් අර්ථයක් තිබිය
යුතුයි. වන්දනා ලැබීමෙහි ප්‍රථම ස්ථානය ලැබෙන්නේ ශ්‍රි ක්‍රිෂ්ණාටයි. ළදරු කාලය
හැඳින්වෙන්නේ සතෝප්‍රධාන් තත්ත්වය ලෙසයි: ළදරු කාලය සතෝ තත්ත්වය ලෙසත්, වැඩිහිටි කාලය රජෝ තත්ත්වය ලෙසත්
හැඳින්වෙනවා. මහලු කාලය තමයි තමෝ තත්ත්වය ලෙස හැඳින්වෙන්නේ. ලෝකයත් මේ සතෝ,
රජෝ හා තමෝ යන තත්ත්වයන් පසු කරමින් යනවා.
කලි යුගයෙන් පසුව ස්වර්ණම යුගය පැමිණිය යුතුමයි. බාබා එන්නේ සංගම් යුගයේදියි.
වඩාත් ප්‍රයෝජනවත් වූ යුගය ලෙස ගැනෙන්නේ මෙයයි: මේ යුගය වැනි වෙන කිසිම යුගයක්
නැහැ. ස්වර්ණම යුගයේ සිට රිදිී යුගයට බැසීම ප්‍රයෝජනවත් දෙයක් ලෙස හැඳින්විය
නොහැකියි: කලා දෙකක් නැති වී තිබෙනවා නම් එය ප්‍රයෝජනවත් යුගයක් ලෙස හැඳින්විය
හැක්කේ කෙසේද? ඔබ තඹ යුගයට පැමිණි
විට, ඔබගේ කලාවන්ගේ තව
දුරටත් අඩු වීමක් සිදු වෙනවා. ඉතින් එයත් ප්‍රයෝජනවත් යුගයක් ලෙස හැඳින්විය
නොහැකියි. බාබා මුළු ලෝකයටම විමුක්තිය ලබා දෙන්නා වූ මෙම සංගම් යුගය, විශේෂයෙන්ම භාරතයට ප්‍රයෝජනවත් වූ යුගයකි.
ඔබ දැන් දිව්‍යලෝකයට යාම සඳහා උත්සාහයේ යෙදෙනවා. බාබා කියනවා: මේ දේව ධර්මය පමණයි
ඔබට සතුට ලබා දෙන්නේ. ඔබ තමාගේ ආගම අමතක කර තිබෙන නිසා තමයි අනෙක් ආගම් වලට යන්නේ.
ඇත්තෙන්ම උසස්ම වන්නේ ඔබගේ ආගමයි. ඔබ දැන් නැවතත් මේ රාජයෝගා ඉගෙන ගන්නවා. ඉතින්,
ඔබ ශ්‍රිමත් අනුගමනය කළ යුතුමයි. අනෙක් සෑම
කෙනෙක්ම කරන්නේ යක්ෂ උපදෙස් පිළිපැදීමයි. සෑම කෙනෙක් තුළම පාප පහ තිබෙන අතර,
ඒ අතරිනුත් අපිරිසිඳු වූ උඩඟුභාවය පළමුවෙන්ම
එනවා. බාබා කියනවා: ශරිර අවධානය අත්හැර දමා ජීව අවධානයට පත්වන්න: අශාරිරික වන්න.
ඔබ ඔබගේ පියා, මා අමතක කර තිබෙනවා.
මෙයත් හරියට වංකගිරියක තනිවීම වැනි වූ සෙල්ලමකි. සමහරු කියනවා: අපි නැවතත් වැටෙනවා
නම් උත්සාහ කරන්නේ මොකටද? කොහොමනමුත්,
ඔබ උත්සාහ දැරුවේ නැති නම් ඒ දිව්‍යලෝක රාජ්‍යය
හිමිකර ගන්නේ කෙසේද? ඔබ නාටකයත් තේරුම් ගත
යුතුයි. මෙහි තිබෙන්නේ මේ ලෝකය පමණයි. ඒ වගේම චක්‍රය දිගින් දිගටම කැරකෙනවා. මුලදී
මෙය ස්වර්ණම යුගයයි. සත්‍යයේ යුගයයි. ලෝකය ඉතිහාසය හා භූගෝලය නැවත නැවතත් කැරකෙනවා
කියාත් ඔවුන් කියනවා. ඉතින් එය ආරම්භ වූයේ කවදාද? එය චක්‍රාකාරව සිදුවන්නේ කෙසේද? ඒ සඳහා ඔබ උත්සාහ දරණවා. බාබා කියනවා: මා
දැන් නැවතත් ඔබට රාජයෝගා ඉගැන්වීම සඳහා පැමිණ සිටිනවා. ඔබ දැන් ඉගෙන ගන්නේ එයයි.
මෙහිදී රාජ්‍යයක් ස්ථාපනය වනවා. යාදවයින් හා කෞරවයින් විනාශ වී යන අතර පසුව ජයග්‍රහණය
ලැබෙනවා. පසුව මුක්තිය හා ජීවන මුක්තිය වෙත වූ දොරටු විවෘත වනවා. ඒ වන තුරු දොරටු
වසා තිබෙනවා. යුද්ධය ආරම්භ වූ පසුව තමයි දොරටු විවෘත වන්නේ. බාබා මාර්ගෝපදේශකයා සේ
පැමිණ ඔබව නිවස වෙත ගෙන යනවා. ඔහු විමුක්තිදායකයාත් වෙනවා. ඔහු ඔබව මායාගේ බන්ධන
වලින් මුදවා ගන්නවා. මිනිස්සු ගුරුන්ගේ යදම් අතර සිර වී සිටිනවා. තමා, තම ගුරුන්ගේ උපදෙස් අනුගමනය නොකළහොත් ඔහු
තමාට ශාප කරයි කියා ඔවුන් තුළ සෑහෙන බියක් තිබෙනවා. කොහොමනමුත්, ඔවුන් තම ගුරුන්ගේ උපදෙස් පිළිපදින්නේත්
නැහැ. ඔහු පිරිසිඳුයි. පාපයෙන් තොරයි. නමුත් ඔවුන් අපිරිසිඳුයි. ඒ වගේම, පාපයෙහි ගැලෙනවා. මිනිස්සු බොහෝ සෙයින්
ගුරුන්ව විශ්වාස කරනවා. ඒත් තවමත් ඔවුන්, ගුරුන් විසින් කෙරෙන්නේ මොනවාද යන්න ගැන දන්නේ නැහැ. එය තමයි
භක්ති මාර්ගයට කොටුවීම. ඔබ දැන් සිහිබුද්ධියෙන් යුතු ඥානවන්ත අය බවට පත්ව සිටිනවා.
බ්‍රහ්මා හා විෂ්ණුට මෙහි කොටසක් තිබෙනවා. නමුත් ශංකර් මෙහි පැමිණීමට අවශ්‍යතාවයක්
නැහැ. ජගත් මාතාව, ජගත් පියා මෙන් දරුවන්
වන ඔබත් මෙහි ඉන්නවා. ඔවුන් අත් බොහොමයක් ඇතිව දේවතාවන් පෙන්නුම් කරනවා. එහි ගණන්
කරන්නත් බැරි තරම් ප්‍රතිමා තිබෙනවා. ඒ සෑම පිළිරුවක්ම අයත් වන්නේ භක්ති
මාර්ගයටයි. මනුෂ්‍යයින් කියන්නේ මනුෂ්‍යයින්. ඔවුන් රාධේ හා ක්‍රිෂ්ණාවත් අත්
හතරකින් යුතුව පෙන්නුම් කර තිබෙනවා. දීප මාලා අවස්ථාවේදි ඔවුන් මහා ලක්ෂ්මීට පූජා
පවත්වනවා. එහිදී, අත් දෙකක් ලක්ෂ්මීගේ,
අත් දෙකක් නාරායන්ගේ. මේ නිසා තමයි ඔවුන්
දෙදෙනාව ඔවුන්ගේ එක්වුණු ස්වරූපයෙන් පෙන්නුම් කරන්නේ. මෙය ගෘහ ජීවිත මාර්ගයකි.
මෙහි වෙන කිසිම දෙයක් නැහැ. ඔවුන් දිග දිවක් සහිතව කාලීව පෙන්නුම් කරනවා. ඒ වගේම
ක්‍රිෂ්ණාව තද නිල් පැහැයෙන් පෙන්නුම් කරනවා. දේවතාවන් පාප මාර්ගයට ඇද වැටෙනා නිසා,
ඔවුන් අවලස්සන වෙනවා. පසුව දැනුම නම්
ගින්නෙහි අසුන් ගැනීම නිසා, ඔවුන් ලස්සන
වෙනවා. ජගත් මාතාව එවන් වූ සුමිහිරි මවක්. සෑම කෙනෙකුගේම හදවත්හී තිබෙනා ආශා ඉටු
කරනා එවන් වූ මවක් පවා, කළු පැහැයෙන්
පෙන්නුම් කර තිබෙනවා. දේවතාවන්ගේ බොහෝ පිළිරූ ඔවුන් විසින් නිර්මාණය කරනු ලැබ
තිබෙනවා. ඔවුන් වන්දනා කිරීමෙන් පසුව ගංගාවල පාකර හරිනවා. එය බෝනික්කන්ට වන්දනා
කිරීමක් වැනියි. බාබා කියනවා: ඒ සෑම දෙයක්ම නාටකයේ එලෙසින්ම සෑදි තිබෙනා අතර ඒවා
නැවතත් එලෙසින්ම සිදුවෙනවා. භක්ති මාර්ගයේ සෑහෙන පුහු ආටෝපය තිබෙනවා. නොයෙකුත්
කෝවිල්, පිළිම, ආගමික ග්‍රන්ථ ආදී, ඒ ගැන අහන්නවත් එපා. ඒවා කාලය අපතේ හැරීමක්,
මුදල් අපතේ හැරිමක්. මිනිස්සු සම්පූර්ණයෙන්ම
අපිරිසිඳු වූ බුද්ධියක් ඇති අය බවට පත් වී සිටිනවා. ඔවුන් බෙලි කටු තරම්වත්
නොවටිනා අය බවට පත්ව සිටිනවා. බාබා කියනවා: භක්ති මාර්ගයේ ඔබ බොහෝ සෙයින් අඳුරේ
අතපතගාමින් සිටියා. බාබා දැන් ඔබව ඒ සියලුම සංකීර්ණතා වලින් මුදවා ගන්නවා. ඉතා සරල
ලෙස බාබාත්, ඔහුගේ උරුමයත් සිහිපත්
කරන්න. එවිට ඔබ අනිවාර්යෙන්ම පාරිශුද්ධත්වයෙන් යුතුව සිටිනු ඇත. ඔබ තම ආහාර වේල
ගැන සැළකිලිමත් විය යුතුයි. එසේ නැතිනම් ඔබ ගන්නා ආහාරය වගේ තමයි ඔබගේ මනසත්.
සන්යාසීන් පවා උපත ලබන්නේ සාමාන්‍ය ලෙසයි. එය රජෝප්‍රධාන් අත් හැරීමක්. නමුත්,
මෙය සතෝප්‍රධාන් අත්හැරීමක්. මන්ද, ඔබ මුළු පරණ ලෝකයම අත්හැර දමනා නිසයි. එම
අත්හැරීමෙහිත් සෑහෙන බලයක් තිබෙනවා: ජනාධිපතිවරයෙක් පවා ගුරු කෙනෙක් ඉදිරියේ දණ
නමනවා. භාරතය පාරිශුද්ධත්වයෙන් යුතු වූවා. එහි ප්‍රශංසනීයත්වය ගැන මෙසේ ගායනා
කරනවා: භාරතයේ මිනිසුන් සියලු ගුණධර්මයෙන් පිරී සිටියා. ඔවුන් දැන් සම්පූර්ණයෙන්ම
පාපී තත්ත්වයට පත් වී සිටිනවා. ඔවුන් දේවතාවන්ගේ කෝවිල්වලට යනවා නම්, ඔවුන් එම ධර්මයට අයත් විය යුතුයි. එය හරියට
ගුරු නානක් ළඟට යන මිනිස්සු සික් ධර්මය වැළඳ ගත යුතු වෙනවා වැනියි. කොහොමනමුත්,
ඔවුන්ට දැන් තමා දේව ධර්මයට අයත් වෙනවා
කියන්න බැහැ. මන්ද, ඔවුන් පිරිසිඳු නොමැති
නිසයි. බාබා කියනවා: මා දැන් නැවතත් ශිව කෝවිල් නිර්මාණය කිරීම සඳහා පැමිණ
සිටිනවා. ඒ වගේම දිව්‍යලෝකයේ වාසය කරන්නේ දේවතාවන් පමණයි. පසුව මෙම දැනුම
අතුරුදහන් වී යනවා. ගීතාව, රාමායණය ආදී
සියල්ල අතුරුදහන් වී යන අතර පසුව නාටකයට අනුව, ඒවාට අදාල කාල තුළදී ඒවා නැවතත් මතු වෙනවා. මේවා ඔබ
විසින් තේරුම්ගත යුතු කරුණු. මන්ද, මෙය මනුෂ්‍යයින්
දේවතාවන් බවට පත්වීම සඳහා ඉගෙන ගැනීමට පැමිණෙන පාසලක් වන හෙයිනි. කොහොමනමුත්,
මනුෂ්‍යයෙකුට කිසිම විටෙක තවත් මනුෂ්‍යයෙකුට
විමුක්තිය ලබාදිය නොහැකියි. ඔවුන්ට එකිනෙකා වෙත ලබාදිය හැක්කේ තාවකාලික සතුටක්
පමණයි. ඉතිරි සියල්ල වෙන කිසිවක් නොව දුකම පමණයි. ස්වර්ණම යුගයේ දුක කියා
නාමයක්වත් නැහැ. එහි නමම දිව්‍යලෝකයයි, සතුටේ දේශයයි.
දිව්‍යලෝකය යන වචනය ඉතා ප්‍රසිද්ධයි. බාබා කියනවා: මේ සෑම දෙයකින්ම කියන්නේ ඔබ
නිවසෙහි වාසය කරන්න. නමුත්, මේ අවසන්
උපතේදි බාබාට පොරොන්දුවක් වන්න: මා ඔබගේ දරුවායි. මා මෙම අවසාන උපතේදී පාරිශුද්ධත්වයට
පත්වී, අනිවාර්යෙන්ම ඒ
පිරිසිඳු ලෝකයේ උරුමය ලබා ගන්නම්. බාබා සිහිපත් කිරීම ඉතාම පහසු දෙයක්. අච්චා.
සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය
දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක්
ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
ශරිරය කෙරෙහි ඇති සියලු උඩඟුකම් අතහැර දමා
ජීව අවධානයට පත්වන්න. අශාරිරික වීම පුහුණු කරන්න.
නාටකය නිවැරදි ලෙස වටහාගෙන උත්සාහ දරන්න. “නාටකයේ තිබෙනවා නම් මා උත්සාහ දරයි‘ ආදී වූ සිතිවිලි ගැනීමෙන්, උත්සාහ දැරීම නවත්වන්න එපා.
වරදානය: ඔබ මාස්ටර් ත්‍රිකාලදර්ශි කෙනෙකු
වී මෙම යහපත් කාලයේ අවධානය ඇතිව ඔබගේ අනාගතය දැන ගනිත්වා.
යම් කෙනෙකු ඔබගේ
අනාගතය කුමක්ද යැයි ඇසුවේ නම්, ඔහුට එය
ඉතාමත් හොඳයි කියා කියන්න. මන්ද, හෙට වීමට යන
දේ ඉතාමත් හොඳ බව අප දන්නා නිසාය. සිදුවී ඇති දේ හොඳයි, සිදුවෙමින් පවතින දේද ඊට වඩා හොඳ වන අතර, සිදුවන්නට යන දේ ඊටත් වඩා හොඳ වේ. මෙම කාලය
යහපත් බවද, අපගේ පියා යහපත කරන්නා
බවද, අපද ලොවට යහපත
සිදුකරන්නන් වන නිසා අපට කිසිම අයහපතක් සිදුනොවන බවට මාස්ටර් ත්‍රිකාලදර්ශි දරුවන්
හට ශ්‍රද්ධා විශ්වාසය ඇත.
පාඨය: පරිපූර්ණ වීමේ කාලය සමීපයට ගෙන ඒමට, පරිපූර්ණ වීමට උත්සාහ කරන්න.
*** ඕම් ශාන්ති ***
No comments:
Post a Comment